එක රටක් එක නීතියක් ගැසට් එක රිවර්ස් : අලුත්ම එක මෙන්න !

එක රටක් එක නීතියක් ගැසට් එක රිවර්ස් : අලුත්ම එක මෙන්න !

එක රටක් සහ එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බළකායක් පත්කරමින් ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ අත්සනින් නිකුත්කළ ගැසට් නිවේදනය ආපසු හරවා සංශෝධන කිහිපයක් සිදුකර ඇත.

පළමු ගැසට් නිවේදනය ඔක්තෝබර් 10/26 වනදා නිකුත් කළ අතර ,එම ගැසට් නිවේදනයට සංශෝධන රැසක් සිදුකරමින් නව ගැසට් පත්‍රයක් 11/06 දාතමින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබේ.

ඒ අනුව එම කාර්ය සාධක බලකායේ සාමාජිකව සිටි මහාචාර්ය දයානන්ද බණ්ඩා සහ කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් යන දෙදෙනා නව සංශෝධනයට නොමැත.

ඒ බව වාර්තා වන්නේ ඔවුන් ඉල්ලා අස්වී ඇති ලෙසය.

එමෙන්ම එහි නව සාමාජිකයන් ලෙස රාමලිංගම් චක්‍රවර්ති කරුණානරන්, යෝගේෂ්වරී පත්ගුණරාජා සහ අයියාම්පිල්ලෙයි දයානන්දරාජා යන තිදෙනා පත්කර තිබේ.

එම ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවමින් නිකුත් කළ පළමු ගැසට් නිවේදනයේ සඳහන් වන පරිදි, “01 ශ්‍රී ලංකාව තුළ එක රටක්, එක නීතියක් ක්‍රියාත්හක කිරීම සම්බන්යෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම”

“02. අධිකරණ අමාත්‍යාංශය විසින් මේ වනවිට මෙයට අදාළව සකස් කර ඇති නීති කෙටුම්පත් හා සංශෝධනයන් අධ්‍යයනය කොට ඒවායේ යෝග්‍යතාවය හා සුදුසු සංශෝධන වේ නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම හා යෝග්‍ය පරිදි අදාළ කෙටුම්පතට ඇතුළත් කිරීම.” එහි මූලික කාර්ය භාර්යය වන නමුත් ජනාධිපතිවරයාගේ දෙවන ගැසට් නිවේදනය මගින් එයද සංශෝධනය කර තිබේ.

දෙවන ගැසට් නිවේදනය අනුව එහි කාර්යය “ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන්ද සැලකිල්ලය ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම.” ලෙස සංශෝධනය කර ඇත.

අදාළ නව ගැසට් සංශෝධනය පහත දැක්වෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න