නේවාසික රෝගියකුට වැඩි මිලට බෙහෙත් විකිණීම : ආසිරි රෝහල ඉදිරිපත් කළ අභියාචනය මහාධිකරණයෙන් නිෂ්ප්‍රභ කරයි!

නේවාසික රෝගියකුට වැඩි මිලට බෙහෙත් විකිණීම : ආසිරි රෝහල ඉදිරිපත් කළ අභියාචනය මහාධිකරණයෙන් නිෂ්ප්‍රභ කරයි!

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වන ආසිරි රෝහලට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා තිබු නඩුවේදී මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක රුපියල් 25000/-ක දඩයක් නියම කරමින් දුන් නියෝගය

දෝෂ සහගත බවට මාලිගාකන්ද හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ දුන් නියෝගය නිවැරදි නියෝගයක් බවට තීරණය කළ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල කරුණාරත්න මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ නියෝගයට එරෙහිව ආසිරි රෝහල ඉදිරිපත් කළ අභියාචනය නිශ්ප්‍රභ කරයි.

මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක ට අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනයන් පිළිබඳ නිසි අවබෝධයක් තීබි නැති බව හෝ නියෝගය දෙන අවස්ථාවේදී එම ප්‍රතිපාදනයන් ඇගේ මතකයෙන් ගිලිහී ගොස් ඇති බවට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා එවැනි තත්වයක් තුළ වැඩබලන මහෙස්ත්‍රාත්වරියගේ නියෝගය ප්‍රමාද දෝෂයකින් දුන් නියෝගයක් බවට සැලකීම හැර වෙනත් විකල්පයක් නැති බවටද විනිසුරුවරයා තීරණය කළේය.

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් ආසිරි රෝහලට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා තිබු නඩුවේදී මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක රුපියල් 25000/-ක දඩයක් නියම කරමින් 2024 ජනවාරී 17 වැනිදා දුන් නියෝගය දෝෂ සහගත බවට මාලිගාකන්ද හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ 2025 ජුලි 11 වැනිදා දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා ආසිරි රෝහල සහ එහි අධක්‍ෂවරුන් විසින් මෙම අභියාචනය ගොනු කර තිබිණ.

ආසිරි රෝහල සහ එහි අධක්‍ෂවරුන් විසින් ඉදිරිපත් කළ මෙම අභියාචනයේ වගඋත්තරකරු වශයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය නම් කර ඇත.

අභියාචනය විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා පෙත්සම්කාර ආසිරි රෝහල සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පවරා තිබු නඩුව මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක හමුවේ මෝසමක් මඟින් කැඳවු අවස්ථාවේදී විත්තිකාර ආසිරි රෝහල සහ එහි අධක්‍ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි නියෝජිතවරයා අදාළ චෝදනාවන්ට වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් 25000/ක දඩ නියම කරමින් 2024 ජනවාරී 17 වැනිදා දුන් නියෝගය ප්‍රමාද දෝෂයකින් දුන් එකක් බවට තීරණය කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය අවලංගු කරන ලෙස පෙත්සම්කාර පාර්ශවය ඉල්ලීමක් කර ඇතැයි සඳහන් කර ඇත.

ආසිරි රෝහලට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව වෙන් වෙන් වශයෙන් චෝදනා එකොළහක්
 

ආසිරි රෝහලට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව වෙන් වෙන් වශයෙන් චෝදනා එකොළහ බැගින් ඉදිරිපත් කර ඇතත් මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත්වරිය රුපියල් 25000/-ක දඩ නියම කර ඇත්තේ සියලු චෝදනාවන්ට පොදුවේ මිස එක් එක් චෝදනාවන්ට වෙන් වෙන් වශයෙන් නොවන බවත් ‘චෝදනාව’ සහ ‘චෝදනා එක් කිරීම’ පිළිබඳ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන පිළිබඳ නිසි අවබෝධයක් තීබී නැති බව පෙනෙන්නට ඇතැයිද තීන්දු කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහිව දඬුවම් නියම කිරීමේදී ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ ප්‍රතිපාදනයන් අනුව කටයුතු කළ යුතු වුවත් ඇය ඖෂධ නියාමන අධිකාරී පනතේ ප්‍රතිපාදනයන් පිළිබඳ නිසි අවබෝධයක් තීබී නැති බව පෙනෙන්නට ඇතැයිද සඳහන් කර තිබේ.

වැඩබලන මහෙස්ත්‍රාත්වරිය හමුවට 2024 ජනවාරී 17 වැනිදා නියෝජිතවරයකු වශයෙන් ඉදිරිපත් වී ඇති කැලුම් ග්‍රීමේන්ද්‍ර ජයසුරිය නමැත්තාට ආසිරි රෝහල නියෝජනය කිරීමට හැකියාව ඇතත් අදාළ රෝහලේ අධ්‍යක්‍ෂවරුන් හා සේවකයින් නියෝජනය කිරීමට හැකියාවක් නැතැයි තීන්දු කළ විනිසුරුවරයා එවැනි තත්වයක් යටතේ අදාළ රෝහලේ අධ්‍යක්‍ෂවරුන් හා සේවකයින් නියෝජනය කරමින් පෙනී සිටි නියෝජිතවරයාට දඬුවම් නියම කිරීම තුළ වැඩ බලන මහෙස්ත්‍රාත්වරියට අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන පිළිබඳවද අවබෝධයක් නැතැයි ද තීන්දු කර ඇත.

එවැනි තත්වයක් තූල මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත්වරිය 2024 ජනවාරී 17 වැනිදා දුන් නියෝගය ප්‍රමාද දෝෂයකින් දුන් තීන්දුවක් බවට තීරණය කිරීම හැර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරියට වෙනත් විකල්පයක් නැතැයි තීන්දු කළ විනිසුරුවරයා මාලිගාකන්ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරියගේ නියෝගයට මැදිහත්වීමේ අවශ්‍යතාවයක් නැතැයි පෙන්වා දෙමින් ආසිරි රෝහල සහ එහි අධ්‍යක්‍ෂවරුන් විසින් ඉදිරිපත් කර තිබු ප්‍රතිශෝධන පෙත්සම නිශ්ප්‍රභ කළේය.


| mawratanews


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න