නොරොච්චෝලේ “ලක්විජය” බලාගාරය ආශ්‍රිතව ගල් අඟුරු සැපයීම ඇතුළු විවිධ ගැටලු මතු වී ඇති බවත් ඒ නිසා ඉදිරියේ දී විශේෂයෙන් ම අප්‍රේල් මාසය වන විට විදුලිබල කප්පාදුවකට යෑමට සිදුවන බවත් ආදී වශයෙන් වූ නොමග යවනසුලු සහ සාවද්‍ය පුවත් සමහර මාධ්‍ය තුළ සංසරණය වන බව නිරීක්ෂණය වේ.
නොරොච්චෝල බලාගාරයට ඉදිරි කාලය සඳහා ඇනවුම් කළ ගල්අඟුරු නැව් 36න් 22ක් මේ වන විට ගොඩ බා ඇති අතර බලාගාරයේ කටයුතු සාමාන්‍යය පරිදි සිදු වේ.
එමෙන්ම ඉතිරි සැපයුම් බාධාවකින් තොරව සැපයිය හැකි බවට සැපයුම්කරු අවධාරණය කර ඇති අතර අවශ්‍යය නම් හදිසි ගල්අඟුරු සැපයීමක් සඳහා කළ යුතු මූලික පියවරයන් ගෙන ඇති තත්වයක් තුළ හා අප්‍රේල් මාසය අවසානය තෙක් විදුලි ජනනය සඳහා අවශ්‍යය දැවි තෙල් තොග පවතින තත්ත්වයක් තුළ ඉහත පරිදි විදුලි කප්පාදුවක් ඇති නොවන බව පැහැදිලිව ප්‍රකාශ කළ හැකි ය.
එබැවින් සාවද්‍ය සහ නොමග යවන සුළු ප්‍රවෘත්තිවලට නොරැවටෙන ලෙස අදාළ සියලු දෙනා ගෙන් බලශක්ති අමාත්‍යාංශය ඉල්ලා සිටී.
ශාන් මොහොමඩ් - මාධ්‍ය ලේකම්

