අසරණ පුරවැසියන්ගේ බදු මුදල කෝටි ගණනක් වියදම් කරත් ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිව් ගුණසේකර ගේ කාර්ය සාධනය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවට චෝදනා නැගෙයි.
ආසන්නතම නිදර්ශනය ලෙස වාර්තා වන්නේ පසුගියදා අසාර්ථක ලෙස අවසන් කරගත් සංචාරක ප්‍රවර්ධනය කියා පැවැත්වූ Webiner යයි.
ජපන් සංචාරක ආයතන 1300ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් එකතුකොට පවත්වන බවට ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත්කර තිබුණත් අදාළ Webiner වට සහභාගීවී ඇත්තේ 115 ක් පමණ බවත් වාර්තා වෙයි.
දැනගන්නට ඇති ආකාරයට webiner ආරම්භවී පැය භාගයක් යන්නට පෙර මෙම සහභාගි වූ පිරිසෙන්ද අඩක් පමණ ඉවත්වගොස් තිබේ.
එසේම ඉතිරිවූ පිරිසෙන්ද බහුතරයක් මෙරට සංචාරක මගපෙන්වන්නන් බවත් වාර්තා වෙයි.
කෙසේ හෝ වේවා අවසානයේ තානාපති සහභාගිවූවන්ට ස්තූති කිරීමට හෝ ඉදිරිපත්ව නැති බවත් පැවසෙයි.
මේ සම්බන්ධයෙන් තතුදත් පිරිස් පවසන්නේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පවත්වන සාද තරමට අනෙක් කටයුතු සාර්ථක කරගන්නට තානාපතිට හැකි නම් ඒ වැදගත් බවයි.
එසේම තානාපති කාර්යාලයේ කාර්ය කටයුතුද මේ වන විට අඩාල කරගෙන ඇති බවත් චෝදනා නැගී තිබේ.
එසේම සාදයක් සංවිධානය කිරීමේ උනන්දුව තානාපති සේවයේ වැඩ රාජකාරි වෙනුවෙන් යොමුකිරීම අත්‍යවශ්‍ය බව තානාපති සංජිව් ගුණසේකර තේරුම් ගතයුතු බවත් ඔවුන් පවසයි.
අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවත්, තානාපති කාර්යාල සේවක පාර්ශ්වත් තානාපති රාජකාරි සම්බන්ධයෙන් කිසිදු පැහැදීමක් නොමැතිව සිටින බවයි. එසේම මේ සම්බන්ධයෙන් මේ වන විට විදෙස් අමාත්‍යංශය දැනුවත් කරන්න කටයුතු සිදුවෙමින් ඇති බවත් වාර්තා වෙයි.
විශේෂ වාර්තාකරුවෙකු විසිනි