අශිෂ්ට මන්ත්‍රී තිස්ස කුට්ටි ගුටි නොකා නූලෙන් බේරෙයි !

අශිෂ්ට මන්ත්‍රී තිස්ස කුට්ටි ගුටි නොකා නූලෙන් බේරෙයි !

රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ඇතුළු කාන්තාවන් හට දරුණු ලෙස අපහාස කළ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සිය අසික්කිත හැසිරීම අද (23) දිනයේ ද පාර්ලිමේන්තුව තුළ විදහා පෑවේය.

ඒ කතානායක පවා ඔහු පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටුව සහ එකී ප්‍රකාශය වැරදි සහගත බව පැවසූ පසුබිමකය.

මෙහිදී කණගාටුවට කරුණ වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදාළ සිදුවීම සම්බන්ධයෙන් අවශ්‍ය බරින් යුතුව මැදිහත් වීමක් සිදුකරනු දකින්නට නොලැබීම ය.

කෙසේ වුවත් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සභා ගැබේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ට පහරදීමක් වැන්නකට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් උත්සාහ කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවේ සභා ගැබ මැදට පැමිණ කුට්ටිආරච්චි මන්ත්‍රී ට පහර දීම සඳහා යාමට උත්සාහ කල අවස්ථාවේදී මන්ත‍්‍රීවරුන් පිරිසක් පැමිණ එම උත්සාහය වළකාලනු ලැබීය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ වත්මන් පාලනය යටතේ කාන්තා මන්ත්‍රීවරියන් දරුණු අපහාසාත්මක ප්‍රකාශයන්ට ගොදුරු වූ පළමු අවස්ථාව මෙය නොවේ. නමුත් වත්මන් පාලකයන් ඒ සම්බන්ධයෙන් බරපතළ තැකීමක් සිදුකරනු දක්නට නොලැබෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න