මන්ත්‍රීලාගේ අසභ්‍ය ප්‍රකාශ නිසා මව්පියන් අසරණයි : කතානායකට පැමිණිල්ලක් !

මන්ත්‍රීලාගේ අසභ්‍ය ප්‍රකාශ නිසා මව්පියන් අසරණයි : කතානායකට පැමිණිල්ලක් !

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී සිදුකරන අසභ්‍ය සහ අශ්ලීල ප්‍රකාශ වලක්වා එවැනි තත්ත්වයන් වැලැක්වීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධනට පැමිණිල්ලක් සිදුකර ඇත.

මේ ලිඛිත පැමිණිල්ල සිදුකර ඇත්තේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් එහි සභාපති රංජිත් විතානගේ විසිනි .

කුඩා ළමයින් එම ප්‍රකාශ පිළිබදව අපගෙන් විමසීමේදී දෙමාපියන් වශයෙන් අප පත්වන අසීරුතාවය පිළිබදව ගරු පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙසත් ඔහු එහිදී අවධාරණය කර ඇත.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් කතානායකට යොමුකළ ලිපිය පහත දැක්වෙයි.

ගරු කතානායකතුමා

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

ශ්‍රී ජයවර්ධනපුර

කෝට්ටේ

ගරු කතානායකතුමණි,

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධව.

මේ රටේ ව්‍යස්ථා සෑදිම සදහා පිහිටුවා තිබෙන පාර්ලිමේන්තුව රැස්වීම සදහා දිනකට ලක්ෂ ගණනක් වියදම් වන බව අප කවුරුත් දන්න කාරණයකි. එසේ වියදම් කරනු ලබන්නේ මේ රටේ ජනතාවගේ මුදල් බව ඔබතුමා ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නැවතත් අවධාරණය කරමු.

එසේ තිබියදී සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුව තුළ අසභ්‍ය හා අශ්ශිල ප්‍රකාශ සිදුකිරීම අප සංවිධානය දැඩිවහෙළාදකිමු. එම ප්‍රකාශ මගන් ජනතාව වන අප දැඩි අපහසුතාවයට පත්වන බව ඔබතුමාට ඉතා කණගාටුවෙන් දැනුම්දෙන අතර අපගේ කුඩා ළමයින් එම ප්‍රකාශ පිළිබදව අපගෙන් විමසීමේදී දෙමාපියන් වශයෙන් අප පත්වන අසීරුතාවය පිළිබදව ගරු පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

කුඩාකල විවිධ අතවරයන්වලට ලක්ව ඇති බොහෝ පුද්ගලයින් එවැනි අසභ්‍ය හා අශ්ශිල ප්‍රකාශ නිකුත් කිරීමට පෙළ‌ෙඔන බව අපගේ විශ්වාසය වන බැවින් හා එම මන්ත්‍රීවරුන් යහපත්මගට ගෙන ඒම සදහා කිසියම් වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන ලෙසත් අප ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න