රිවර්ස් කරපු අලුත්ම ගැසට් එක මෙන්න !

රිවර්ස් කරපු අලුත්ම ගැසට් එක මෙන්න !

රසායනික පොහොර, වල් - පළිබෝධ නාශක , දිලීර ඇතුළු රසායන ද්‍රව්‍ය ආනයනයයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙකී ද්‍රව්‍ය තහනම් කරමින් පනවා තිබූ ගැසට් නිවේදනයක් අද (24) රාත්‍රියේ සිට අවලංගු කරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව අද දිනයේ සිට එම රසායනික ද‍්‍රව්‍ය පෞද්ගලික අංශයට ආනයනය කළ හැකි බවද අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත් රජයේ හරිත කෘෂි කර්මාන්ත වැඩපිළිවෙළ යටතේ පොහොර සහනාධාර ලබාදීම සහතික වී මිල ඇතුළු වැඩ කටයුතු දිගටම ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.

මේ අතර ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ ජනාධිපති කාර්යාලයේ පසුගියදා පැවති හමුවකදී පැවසුවේ රසායන පොහොර සදහා රජයේ පොහොර සහනාධාර ලබා නොදෙන බවයි.

කෙසේ වුවත් 2019 ජනාධිපතිවරණය අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ එහි අපේක්ෂකයකු ලෙස සමස්ත ගොවි ප්‍රජාව හමුවේ ප්‍රතිඥා දුන්නේ පොහොර නොමිලේ ලබාදෙන බවය.

ඔහුගේ එවර සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූයේ වසර 10ක් තුළ කාබනික වගාව සඳහා රට යොමුකරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න