Language Switcher

Ad

Ad 01

V2025

රිජෙක්ට් පොහොරට ඩො.මි 6.7ක් : දයාසිරිට සැර කොමිස් සැකයක් !

චීනයෙන් මෙරටට ආනයනය කර පසුව ප්‍රතික්ෂේප කරන ලද පොහොර තොගය සදහා මුදල් ගෙවීම ජාතික අපරාධයක් බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කරයි.

නමුත් මේ සඳහා විශාල මුදලක් ගෙවා ඇත්තේ යම් කොමිස් මුදලක් ගෙවා ඇතැයි සැකයක් මතුවන බව ද පෙන්වා දෙයි.

ඩොලර් මිලියන 6.7 ක් දෙන්න වෙන්නේ එම කොමිස් මුදල ලබා ගැනීමට බව පැහැදිලි බවද ඔහු කියා සිටී.

මහින්දානන්ද ඇමතිතුමා බොහොම පැහැදිලිව කිව්වා, එක සතයක්වත් අපි ගෙවන්නෙත් නෑ.. ආපහු මේ පොහොර නැවේ කිසිම දෙයක් ගන්නෙත් නෑ කියලා. දැන් ඒකෙ අනික් පැත්ත වෙලා තියෙන්නේ."

"දැන් ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න වෙලා තියෙනවා. මේවා ජාතික අපරාධ. ඒකයි මම කියන්නේ මේවට වගකියන්න ඕන අයගෙන් පුද්ගලිකව ඒවා අය කරගන්න ඕනේ කියලා. අපිට තේරෙනවා මේකෙත් යම් කොමිස් මුදලක් ගෙවලා තියෙනවා කියලා. එතකොට මේ කොමිස් මුදල ගන්නද ඩොලර් මිලියන 6.7 දෙන්න වෙන්නේ."