Language Switcher

Ad

Ad 01

V2025

බැසිල්ගේ වැඩ අප්‍රේල්වල : විශාල වැඩපිළිවෙළක් හදලා - චන්ද්‍රසේන

අප්‍රේල් අලුත් අවුරුද්ද වන විට ජනතාවට විශාල වශයෙන් සහන ලබා දිය හැකි බව මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන පවසයි.

එම කාලය වන විට එළවළු ඇතුළු ආහාර මිල විශාල වශයෙන් පහළ යනු ඇති බව ද ඔහු පැවසීය.

ඒ සඳහා දැනටමත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ විශාල වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් එහි ප්‍රතිඵල ලැබෙන්නේ අප්‍රේල් මාසයේදී බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එනිසා ආර්ථික විද්‍යාඥයන් කුමක් කීව ද ඉදිරි කාලයේ දී ජනතාවට විශාල වශයෙන් සහන ලැබෙන බවද අමාත්‍යවරයා පැවසීය.