මෙතෙක් ලෝකයේ පැවති දෘෂ්ටිවාද තුන ම අවසන් - Ideas front වීඩියෝවක්

මෙතෙක් ලෝකයේ පැවති දෘෂ්ටිවාද තුන ම අවසන් - Ideas front වීඩියෝවක්

ලෝකයේ නිශ්චිත මොහොතකට පසු රාජ්‍ය පාලනය සඳහා දෘෂ්ටිවාද තුනක් මැදිහත් වූ බවත් එම දෘෂ්ටිවාද තුන ලෙස: ජාතිකවාදය, ලිබරල්වාදය සහ සමාජවාදය හැඳින්විය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

නමුත් මේ වන විට යට කී දෘෂ්ටිවාද හෙවත් අදහස් තුනම අවසන් බව ද දීප්ති අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ, බංග්ලාදේශයේ සහ නේපාලයේ එකම ආකාරයේ අරගල තුනක් පැන නැගුණ ද ඒ අතුරෙන් ලංකාවේ අරගලය අවසන් වන්නේ සහ අනෙක් රටවල් දෙකෙහි අරගල අවසන් වන්නේ ක්‍රම දෙකකට බවයි.

ඒ පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් විපුල පැවසුවේ අරගලයෙන් පසු ලංකාවේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආණ්ඩු ක්‍රම නීතියට අනුව වුව ද නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් අරගලයෙන් පසුව නිශ්චිත අවස්ථාවක දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කළ බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න