Language Switcher

Ad

Ad 01

V2025

සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක්

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වෛරස ප්‍රභේද එකවර පුද්ගලයෙකුට ආසාදනය වුවහොත් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබේ.

බ්‍රිතාන්‍යය සෞඛ්‍ය විශේෂඥයින් කණ්ඩායමක් විසින් එම අනතුරු අඟවීම නිකුත් කර ඇත.

මේ අතර ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය හමුවේ රටවල් රැසක කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රන්ජිත් බටුවන්තුඩාව  සඳහන් කළේ, එම තත්ත්වය තුළ ඔමික්‍රෝන් ආසාදිතයින් තවදුරටත් මෙරටින් හමුවිය හැකි බවයි.

බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයට මුහුණ දීමේ හැකියාව 75 % වඩා වැඩි බව ද, විශේෂඥ වෛද්‍ය රන්ජිත් බටුවන්තුඩාව  පැවසුවේ ය.