ජල, විදුලි ගාස්තුත් වැඩිවන ලකුණු!

ජල, විදුලි ගාස්තුත් වැඩිවන ලකුණු!

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ජල සහ විදුලි බිල් වැඩි කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බවත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ සකච්ඡා පවත්වා ඇති බවත් වාර්තා වේ.

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග විදුලි නිෂ්පාදනයට සහ පානිය ජල පිරිපහදු කිරීමට එය බලපාන බැවින් එම සැපයුම්වල ගාස්තු ඉහළ දැමීය යුතු බවට අණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡා සිදුව ඇති බව පැවසේ. මෙම තත්වයට සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අඩාල වී දැවිතෙල් අවම වීමත් බලපා ඇතැයි එහිදී සාකච්ඡා වී ඇතැයි පැවසේ.

කොවිඩ් වසංගතයෙන්, ආණ්ඩුවේ පාලනයක් නොමැතිව අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීමෙන්, ඉන්ධන මිල දරාගත නොහැකි ලෙස ඉහළ දැමීමෙන් මෙන්ම ගෑස් වංචාවෙන්ද ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අතර ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජනතා විරෝධයක් එල්ල වෙමින් පවතී.

එවන් තත්වයක් තුළදීත් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර  පවසන්නේ විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදුකළ හොත් ජල ගාස්තු ඉහල දැමීමට අවධානය යොමු කළ යුතුව ඇති බවයි. තවද අඩු පරිභෝජනය සිදු කරන පාරිභෝගිකයන්ගේ ගාස්තු වැඩි නොකර ඉහළ පරිභෝජනය සිදු කරන අයගේ ගාස්තු ඉහල දැමීමට එහිදී අවධානයක් යොමුකරන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න