දායසිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි වනවාට විරුද්ධ ඇයි?

දායසිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි වනවාට විරුද්ධ ඇයි?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ප්‍රධාන කණඩායම් දෙකකට බෙදී ඇති බව රහසක් නොවේ.

ඒ චන්ද්‍රිකා පිල සහ මෛත්‍රී පිල වශයෙනි. මෙලෙස පිල් දෙකකට බෙදීමට හේතු වූයේ පසු ගිය 2019 ජනාධිපතිවරණයේදී මෛත්‍රී පිල පොහොට්ටුවට සහය ලබා දිය යුතු බව පවසද්දී චන්ද්‍රිකා පිල පැවසුවේ පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බවයි. එතැන් සිට චන්ද්‍රිකාට පක්ෂයේ දොරටු වැසී ගියේය. වසර අනූවක් බණ්ඩාරනායකවරුන් නියෝජනය කළ අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඇයව ඉවත් කළහ. පක්ෂයේ කිසිදු අවස්ථාවකට ඇයට ආරාධනා නොලැබුනි. අවම වශයෙන් සිය පියාගේ ගුණ සමරු උත්සවයකටවත් ඇයට ආරාධනා කළේ නැත.

එහෙත් චන්ද්‍රිකා පිලෙන් සංවිධානය කළ ගුණ සමරු උත්සව හෝ වෙනත් විශේව අවස්ථා වලට මෛත්‍රී පිළට ඇරයුම් ලැබිණි. මෙවර ජනවාරි 08 බණ්ඩාරනායක 123 වන ජන්ම දින සැමරුමේදී ද සිදු වූයේ එවැන්නකි. පක්ෂ ප්‍රධානීන් සියලු දෙනාට චන්ද්‍රිකා පිලෙන් ආරාධනා ලැබුනත් මෛත්‍රී පිල ඊට සහභාගී නොවන්නට තතීරණය කර තිබුණි. ඒ පමණක් නොව, එදිනම උදේ 8.15 නව ආසන සංවිධායකවරුන් 60ක් අලුතින් පත්කරන්නට උත්සවයක්ද හදීසියේ යොදා ගත්තේය. දයාසිරි පක්ෂයේ ආසන සංවිධායකවරුන් අමතා සංවිධායක ධුර රැක ගැනීමට අවශ්‍ය නම් චන්ද්‍රිකාගේ උත්සවයට සහභාගීවීම තහනම් කර තිබේ.

පක්ෂයක් ලෙස එකට එක් විය යුතු මේ මොහොතේ දයාසිරි මෙලෙස පක්ෂය බේද කරන්නේ කාගේ වුවමනාවටද?

චන්ද්‍රිකා මිත්‍රත්වයේ සුරත දිගු කරද්දී එය ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?

බණ්ඩාරානයක ගුණ සමරුවට සහභාගීවන්නන්ගෙන් පලි ගන්නේ ඇයි? පසු ගිය සැප්තැම්බර් 26 වන දින හොරගොල්ල සමාධියේ බණ්ඩාරනායක ගුණ සැමරුමට සහභාගී වීම නිසා අද වනතුරුත් කාන්තා සංවිධාන කාර්‍යාලයට සීල් තබා තිබෙන්නාක් මෙන් දයාසිරි දිගින් දිගටම පාක්ෂිකයින්ගෙන් පලි ගනීවිද?

මෙයින් දයාසිරි බලාපොරොත්තු වන්නේ පක්ෂය දුරවල කර කෙසේ හෝ පක්ෂ නායකත්වය ලබා ගැනීම නම් එසේ වුවහොත් පකෂයට යන කල ගැනත් පක්ෂ නායකයන් විමසිල්ලෙන් සිටිය යුතුය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න