ඉරානයට එල්ල වූ ඇමරිකානු-ඊශ්‍රායල හමුදා ප්‍රහාරය හෙළා දකිමු..! - දකුණු ආසියාවේ ශිෂ්‍ය සංවිධාන 22ක් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරති

ඉරානයට එල්ල වූ ඇමරිකානු-ඊශ්‍රායල හමුදා ප්‍රහාරය හෙළා දකිමු..! - දකුණු ආසියාවේ ශිෂ්‍ය සංවිධාන 22ක් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරති

ස්වෛරී රාජ්‍යයක් වන ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් මෑතකදී දියත් කරන ලද හමුදාමය ක්‍රියාමාර්ගයට එරෙහිව අපි අද සාමූහිකව නැගී සිටිමු.

මෙය ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවට තවදුරටත් නිහඬව සිටිය නොහැකි තරම් අතිශය දුෂ්ට මට්ටමකට පැමිණ ඇත.

මිනාබ් හි ශජරේ තයියෙබේ (Shajareh Tayyebeh) බාලිකා විදුහලට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් අහිංසක දරුවන් 160කට වැඩි පිරිසක ගේ ජීවිත අහිමි වීම හුදු "අතුරු හානියක්" (collateral damage) නොවේ; එය යුද අපරාධයකි. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඔහු ගේ කාර්යාලය තුළ ඉලක්ක කර ඝාතනය කිරීම, ජාත්‍යන්තර නීතිය සහ ජාතික ස්වෛරීභාවය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

වසර ගණනාවක් තිස්සේ පලස්තීන වැසියන් ගේ ජීවිත ක්‍රමානුකූලව විනාශ කරනු අපි බලා සිටියෙමු. දැන් එම විනාශකාරී යන්ත්‍රණයම ඉරානය දෙසට හැරවී ඇත. මෙය ලේ සහ ගින්දර හරහා මැදපෙරදිග පුරා පූර්ණ පාලනය තහවුරු කර ගැනීම සඳහා සැලසුම් කරන ලද අධිරාජ්‍යවාදී ආක්‍රමණයේ රුදුරු මුහුණුවර යි. ඕනෑ ම රටකට එරෙහිව ඕනෑ ම අවස්ථාවක ආක්‍රමණයක් සිදු කළ හැකි බව එක්සත් ජනපදය ප්‍රකාශ කර ඇත. වෙනිසියුලාව මෙයට පැහැදිලි උදාහරණයකි.

ඉරාන ජනතාව කමේනි ගේ ඒකාධිපති පාලනයට එරෙහිව සටන් කරමින් සිටියහ. කාන්තාවන් නිදහස වෙනුවෙන් උද්ඝෝෂණය කළහ. ඕනෑම තත්ත්වයක් යටතේ, රටක අභ්‍යන්තර දේශපාලනය තීරණය කිරීමට එම රටේ ජනතාවට අයිතියක් තිබිය යුතු ය. ජනතාව නිදහස් කිරීමේ නාමයෙන් කිසිදු ස්වෛරී රටක් ආක්‍රමණය කළ නොහැකි ය. දේශීය ඒකාධිපතියකු ගේ මර්දනය විදේශීය මැදිහත්වීම් මගින් විසඳිය නොහැකි ය. රට 'නිදහස්' කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය අපි හෙළා දකින අතර, එය හුදෙක් අධිරාජ්‍යවාදී ක්‍රියාවක් ලෙස නම් කරමු.

ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය, සාමය සහ මානව ගරුත්වය විශ්වාස කරන සැමට මෙය තීරණාත්මක මොහොතකි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන ජනතාව දැන්වත් අවදි විය යුතුය! ඇමරිකානු-ඊශ්‍රායල ආක්‍රමණයට එරෙහිව සහ ඉරාන ජනතාව සමග සහයෝගීතාවයෙන් නැගී සිටින ලෙස අපි ලොව පුරා සිටින සිසුන්ගෙන්, තරුණයින්ගෙන් සහ ප්‍රගතිශීලී බලවේගයන්ගෙන් ඉල්ලා සිටිමු.

අධිරාජ්‍යවාදය පරදවමු!

සමාජවාදය දිනේවා!

ඒකාබද්ධ අත්සන්කරුවන්

බංග්ලාදේශය

*BCF                 - Bangladesh Chhatro Federation

*BSU                - Bangladesh Students' Union

*DSC                - Democratic Students' Council

*RSU                - Revolutionary Students' Unity

*RS-YM            - Revolutionary Students- Youth Movement

*SSF                 - Socialist Students' Front

*SSF                 - Socialist Students' Front

ඉන්දියාව

*AIDSO                        - All India Democratic Students' Organisation

*AISA                           - All India Students' Association

*AISB                           - All India Students' Bloc

*AISF                           - All India Students' Federation

*PSU                            - Progressive Students' Union

නේපාලය

*ANNISU(R)                - All Nepal National Independent Students' Union (Revolutionary)

*ANNFSU(S)                - All Nepal National Free Student Union (Sixth)

*ANSU                         - All Nepal Student Union

*ANSU(S)                    - All Nepal Students' Union (Socialist)

*SSSUN                        - Scientific Socialist Students' Union, Nepal

පකිස්ථානය

*DSF                            - Democratic Students' Federation

*NSF                            - National Students' Federation

ශ්‍රී ලංකාව

*IUBF                           - Inter University Bhikku Federation

*IUSF                           - Inter University Students' Federation

*RSU                            - Revolutionary Students' Union

- 2026 මාර්තු 10 -

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න