දිවයිනේ පාසල් රැසක ‍කොවිඩ් හිස ඔසවයි

දිවයිනේ පාසල් රැසක ‍කොවිඩ් හිස ඔසවයි

දිවයින පුරා පාසල් රැසකින් කොවිඩ් ආසාදිත ළමුන් සහ ගුරුවරුන් පිළිබඳ වාර්තා වෙමින් ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් නිරන්තර අවදානයෙන් කටයුතු කරන බවයි.

කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමත්, පවතින තත්ත්වයට අනුව ක්‍රියාකිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.විජේසුරිය = පැවසුවේ මේ වනවිට රෝහල්ගත වන ආසාදිත ළමුන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් ඇති බවයි.

නැවතත් කොවිඩ් රැල්ලක් ඇතිවෙයිද?

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

මේ ඔමික්‍රෝන් රැල්ල ලෝකය පුරා බොහෝ රටවල් මේ වනවිට අත් දැකලා ඉවරයි. ලංකාවේ බරපතල ලෙස මේක තවම අපි දුටුවේ නැතිකම පමණයි තියෙන්නේ. අපි නැවතත් මතක් කරන්න ඕනා මීට කලින් ආපු වෛරස් ප්‍රභේදවලත් රැල්ල ලංකාවේ මතු වුණේ අනිත් රටවල ඇතිවෙලා යම් කාලයකට පස්සේ . ඒ නිසා අපිට තාම කියන්න කල් වැඩියි අපේ රටේ රැල්ලක් එන්නේ නෑ කියන වචනේ. අද වෙන කොට බොහෝ වෙලාවට අපිට විශ්වාස කරන්න පුළුවන් මේ මොහොතේ අපේ රෝගීන්ගෙන් බහුතරය අඩුම ගානේ 50 % ඉක්මවලා හෝ මේ කොවිඩ් ඔමික්‍රොන් ප්‍රභේදය වන්නට ඉඩ තියනවා. නමුත් වැදගත් වන්නේ ඒ ආසන්නම ප්‍රතිශතයක් ඩෙල්ටා රෝගීන් ඉන්න බවත් මතක තබා ගත යුතුයි..

ඔමික්‍රෝන් ආසාදිතයින් හඳුනා ගැනීම මන්දගාමී ඇයි?

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

දවසකට 8000 ඉක්මවලා PCR පරීක්ෂණ කරනවා. එතකොට මේ 8000 ම අපිට ජාන විශ්ලේෂණය සඳහා යොමු කරන්න බෑ. ඒ වගේම තමා පොසිටිව් වන රෝගීන් සංඛ්‍යාව දැන් අටසිය ගාණක් වනවා. මේ 800 පමණක්වත් ජාන විශ්ලේෂණයට යොමු කරන්න බෑ. අපි කරන්නේ ඒ රෝගීන්ගෙන් නියැදියක් පමණක් අරගන ජාන විශ්ලේෂණයට විටින් විට ලක් කිරීමෙන් අපි බලනවා ඉන්න රෝගීන්ගෙන් කොයි තරම් ප්‍රතිශතයක් ඔමික්‍රොන් රෝගීන්ද කොයි තරම් ප්‍රතිශතයක් ඩෙල්ටා රෝගීන් ද කියලා.

කොවිඩ් ආසාදිතයින් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල තත්ත්වය කුමක්ද?

මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇදන් 5758 ක් හා දැඩි සත්කාර ඒකකවල ඇදන් 62 ක් භාවිතයට ගැනෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් = පවසයි.

news1st

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න