මල්වාන නිවස : බැසිල්ට එරෙහිව මුදිත සාක්ෂි දෙයි !

මල්වාන නිවස : බැසිල්ට එරෙහිව මුදිත සාක්ෂි දෙයි !

මල්වාන ප්‍රදේශයේ පිහිටි අක්කර 16ක ඉඩමක ඇති විශාල ප්‍රමාණයේ නිවස ඉදි කිරීම සඳහා මුදල් ලබා දුන්නේ බැසිල් රාජපක්ෂ විසින් බවත් එම නිවස ඉදි කිරීම සඳහා මුදල් ලබා දුන්නේ තමන් විසින් යැයි මීට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කරනු ලැබූවේ තමන්ට එල්ල වූ බලපෑම් මත බවත් වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි අද (25) අධිකරණයේදී සඳහන් කර තිබේ.

ඔහු මේ බව කියා සිටියේ, එම නිවස ඉදිකර රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට චෝදනා ගොනු කරමින් පවරා ඇති නඩුවට මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමිනි.

නිවසට අදාළව ආදායම් බදු ගෙව්වේ තම සමාගමෙන් බව පවසා ඇති ඔහු එම නිවස ඉදිකිරීමට අනුමැතිය ගැනීමට අයදුම්කරු ලෙස ඉදිරිපත් වී එය ඉදිරිපත් කළේ රාජපක්ෂ පදනම කාර්යාලය විසින් බවද සඳහන් කර ඇත.

නඩුව මාර්තු මස 11 වන දින තෙක් කල් දමන ලද අතර එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස බැසිල් රාජපක්‍ෂ, තිරුකුමාර් නඩේෂන් යන මහත්වරුනට නියෝග කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න