අයි.ඕ.සී. මිල ඉහළ දමයි : උදයට සාගරගෙන් ලියුමක් නැද්ද ?

අයි.ඕ.සී. මිල ඉහළ දමයි : උදයට සාගරගෙන් ලියුමක් නැද්ද ?

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී) සමාගම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර එම ඉහළ දැමීමත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 177 සිට රුපියල් 184 දක්වා ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 121 සිට රුපියල් 124 දක්වා ද, ඉහළ ගියේය.

මේ පාර ගම්මන්පිල ඉල්ලා අස්වෙන්න ඕන නැද්ද ?

මේ අතර දේශපාලන විචාරකයන් පවසන්නේ මීට පෙර ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුවූ අවස්ථාවේ ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල ඉල්ලා අස්විය යුතු බවට පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ප්‍රසිද්ධ ලිපියක් යොමුකළ නමුත් මෙවර එවැන්නක් දකින්නට නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න