ඉන්ධන බදු ඉවත්කරන්න : ගම්මන්පිල බැසිල්ට ලියයි !

ඉන්ධන බදු ඉවත්කරන්න : ගම්මන්පිල බැසිල්ට ලියයි !

ඉන්ධන මිල වැඩි කරන ලෙසත් එසේ නොකරන්නේ නම් ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන්නැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

තමන් අද (18) දිනයේ මෙම ඉල්ලීම කළ බවක් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් තෙල් සංස්ථාව විසින් ඉල්ලා ඇති මිල සංශෝධනය ලබා දුන හොත් එය ඉතිහාසගත මිලක් වනු ඇති බවද පැවසූ අමාත්‍යවරයා පාරිභෝගිකයා අපහසුවට පත්වන පරිදි මිල වැඩි කිරීමට සූදානම් නැති බවද කියා සිටියේය.

ඉන්ධන මිල වැඩි කිරීමේ තීන්දුව බලාත්මක කිරීමට අවස්ථාව ඇත්තේ මුදල් අමාත්‍යවරයා වෙතයි. නමුත් මීට පෙර ඉන්ධන මිල ඉහළ දැමීමට වත්මන් ආණ්ඩුව ක්‍රියාකර, එහි වගකීම භාරගෙන ඉල්ලා අස්වන ලෙස පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ප්‍රසිද්ධ ලිපියක් හරහා ඛනිජ තෙල් අමාත්‍ය ගම්මන්පිල වෙත දැනුම්දෙනු ලැබිණ. 

නමුත් දැන් සියල්ල මුදල් ඇමති බැසිල් රාජපක්ෂ වෙත යොමුකරන උපක්‍රමයක් ගම්මන්පිල අමාත්‍යවරයා දියත්කර ඇත. මේ සම්බන්ධයෙන් දේශපාලන විචාරකයන් පවසන්නේ ඉන්ධන මිල වැඩි කරන තීන්දුව ගන්නේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා බව ජනගතවීම ඔහුගේ ඉදිරි දේශපාලන කටයුතු වලට අහිතකර බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න