ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි

ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් අද (28) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු විය.

ජෙයිශංකර් මහතාගේ පැමිණීම පිළිබඳවත් ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ප්‍රදාන ලබා දීම පිළිබඳව ත් ජනාධිපතිවරයා එහිදී සිය සතුට පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජෙයිශංකර් මහතා දිවයිනට පැමිණ සිටින්නේ, අද කොළඹදී ඇරඹෙන පස්වන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහායි.

මේ අතර මේ වසරේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 75 වසරක් සැපිරීම නිමිත්තෙන් සමරු කාසියක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීම ඇතුළු සැමරීමේ උත්සව ගණනාවක් සංවිධාන කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න