ආරක්ෂක ලේකම්ට සහ හමුදාපතිට : SF ගෙන් පණිවිඩයක් !

ආරක්ෂක ලේකම්ට සහ හමුදාපතිට : SF ගෙන් පණිවිඩයක් !

රට තුළ මතුව ඇති තත්ත්වය හමුවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වෙත ෆේස්බුක් පණිවුඩයක් තැබීමට පාර්ලිමේන්තු මන්ත්‍රී , ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කටයුතු කර ඇත.

තම විධානය යටතේ මානුශීය මෙහෙයුමක නියමුවන්වූ වීරෝධාර රණශූරයන් ලොවක් ඉදිරියේ අපකීර්තියට හා අප්‍රසාදයට ලක්වීම කිසිවිටෙකත් මම බලාපොරොත්තු නොවෙමි" යනුවෙන් ද සඳහන් අදාළ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.

 ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමනි,

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමනි.

මාගේ අණ හා විධානය යටතේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුශීය මෙහෙයුමට සේනාංක මෙහෙයවු ඔබ, මේ මොහොතේ රට තුල පැනනැගී ඇති අතිශයින් සාමකාමී සිවිල් ජන අරගලය මර්ධනය කිරීමට දූෂිත පාලකයින් ලබාදෙන අනීතික නියෝග පිලිබදව සියදහස් වාරයක් සිතා බලා කටයුතු කරනු ඇතැයි අපේක්ශා කරමි.

දූශිත අකාර්යක්ෂම රාජ්‍ය පාලනය නිසා රට තුල උදගතවී තිබෙන ජීවත්වීමේ අර්බුදය හේතුවෙන් සාමාන්‍ය සිවිල් ජන සමාජය තුල ඇතිවී තිබෙන පීඩනය සාමකාමී, අවිහිංසාවාදී ජනතා විරෝධතාවයක් ලෙස වීදිබැස තිබේ.

සිය බලය පවත්වාගැනීම වෙනුවෙන් පීඩාවට පත්ව සිටින අහිංසක සිවිල් පුරවැසියන් මර්ධනය කිරීමට රාජපක්ශ රජය දරන කුමන හෝ උත්සාහයක් ඉතා පිලිකුල්සහගත ලෝකයේම අප්‍රසාදයට ලක්වන ක්‍රියාවලියක් වනු ඇත.

මා යටතේ මානුශීය මෙහෙයුමක නියමුවන්වූ වීරෝධාර රණශූරයන් ලොවක් ඉදිරියේ අපකීර්තියට හා අප්‍රසාදයට ලක්වීම කිසිවිටෙකත් මම බලාපොරොත්තු නොවෙමි.

එබැවින් යලියලිත් මා ඔබට අවධාරණය කරන්නෙ දූශිත පාලකයින් ලබාදෙන ජනතාවිරෝධී අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට පෙර සියදහස් වාරයක් සිතා බලන ලෙසයි.

ස්තුතියි.-ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න