පොහොර වැඩේදී IMF ගමනේදී වැරදුණා : ජනාධිපති පිළිගනියි !

පොහොර වැඩේදී IMF ගමනේදී වැරදුණා : ජනාධිපති පිළිගනියි !

ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් යැයි තමා දැන් සිතන හෙයින් ඒ පොහොර නැවත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18) පිළිගෙන ඇත.

ඒ අද සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අවස්ථාවේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට මීට පෙර යෑමට තිබූ බව තමා විශ්වාස කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී පවසා ඇත.

එසේම ජීවන වියදම දරා ගත නොහැකිව සිටින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවීමෙන් ඇතිවන වේදනාව අසහනය හා කෝපය ඉතාම සාධාරණ බවද ජනාධිපති පවසා තිබේ.

රජයෙන් අතපසුවීම් සිදුවූ බවත් එම අතපසුවීම් නිවැරදි කරගෙන ඉදිරියට ගමන් කිරීමට තමා සූදානම් බවත් වැඩිදුරටත් ජනාධිපති පවසා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරිම සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ ඉදිරිපත් කර ඇති අදහස් සාකච්ඡා කර සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට අවශ්‍ය සහය ඕනෑම අවස්ථාවක ලබාදීමට සූදානම් බවද ජනාධිපතිවරයා පවසා ඇත.

ඇමැති තනතුරු වරප්‍රසාද නොව විශාල වගකීමක්වන හෙයින් කිසිදු අමතර වරප්‍රසාදයක් භාවිත නොකර අවංක කාර්යක්ෂම පිරිසුදු පාලනයකට කැප වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ගෙන් එහිදී ඉල්ලීමක් ද කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න