අලුත් කැබිනට් මණ්ඩලය නිසා: පොහොට්ටුව යළිත් පුපුරයි !

අලුත් කැබිනට් මණ්ඩලය නිසා:  පොහොට්ටුව යළිත් පුපුරයි !

අද (18) කැබිනට් මණ්ඩලය පත්කිරීම අවස්ථාවේ රාජපක්ෂ පවුල් කේන්ද්‍රය පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරුන්ට අසාධාරණයක් සිදුකළ බවට, ආණ්ඩුව අභ්‍යන්තරයේ කතා බහක් මතුව ඇත.

ඊට ආසන්න සිදුවීමක් ලෙස වාර්තා වන්නේ පසුගිය සමයේ ආණ්ඩුව ආරක්ෂා කිරීම වෙනුවෙන් දැඩි කැපකිරීමක් සිදුකළ DV චානක මන්ත්‍රීවරයා වැන්නන්ට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා නොදීමය.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ , කුලය සහ නාමල් රාජපක්ෂ ගේ දේශපාලන අනාගතය සැලකිල්ලට ගෙන අමාත්‍ය තනතුරු බෙදා තෝරාගත් පිරිසකට අසාධාරණයක් සිදුකර ඇති බවයි.

DV උපුල් වන චානක මන්ත්‍රීවරයා ගේ පියාටත් පළාත් සභා හැර මහ මැතිවරණයක් වෙනුවෙන් රාජපක්ෂ පවුල අපේක්ෂකත්වය ලබා නොදුන් බවත් එම ආරංචි මාර්ග සිහිපත් කරයි.

පොහොට්ටුව පුපුරයි !

මේ අතර හෙට(19) ආණ්ඩුවේ දැනට ස්වාධිනව සිටින 41ක මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමට අමතරව අද දිනයේදී ඇමැතිකම් නොලැබුණු තවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක් ස්වාධින වීමට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.

මේ පිළිබද දැනටමත් හිටපු ඇමැතිවරුන් කිහිප දෙනකුම සාකච්ජා පවත්වා ඇති බව දැනගන්නට ඇත.

අද දිනයේදී කතානායකවරයා මුණගැසුණු වාසුදේව නානායක්කාර, සුසිල් ප්‍රේමජයන්ත ඇතුලු ශ්‍රීලනිප කණ්ඩායම ‌දැනුම් දී තිබුණේ විපක්ෂයේ අසුන් ගැනීමට තම කණ්ඩායම තීරණය කොට ඇති බවය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න