IMF ලාංකික ජනතා දුක තේරුම් අරගෙන : නිවේදනය මෙන්න !

IMF ලාංකික ජනතා දුක තේරුම් අරගෙන : නිවේදනය මෙන්න !

ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බලධාරීන් සමග සමීපව කටයුතු කිරීමෙන් සහ අනෙකුත් සියලුම පාර්ශවකරුවන් සමග සම්බන්ධවෙමින්, වත්මන් ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නයන්ට ඉදිරියේදී සහය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

 ශ‍්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කණ්ඩායමේ ප‍්‍රකාශය
අප්‍රේල් 23, 2022.
වොෂිංටන් නුවර:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2022 වසරේ වොෂිංටන් නුවර පැවති රැස්වීමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක‍්‍රිස්ටලිනා ජෝජිවා සහ එහි අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිළධාරීන් මුදල් අමාත්‍ය අලි සබ්රි සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ විසින් ප‍්‍රධානත්වය දරන ලද ශ‍්‍රී ලංකා දූත පිරිස හමුවී දැනට උද්ගතව ඇති ආර්ථික අභියෝග ජයගැනීම සඳහා වූ ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාකාරකම් පිලිබඳව සාකච්ඡා කරන ලදී.

ශ‍්‍රී ලංකාව සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කණ්ඩායම එම අරමුදලේ උපකාරක වැඩසටහනක් යටතේ මූලික තාක්ෂණික සාකච්ඡා ශ‍්‍රී ලංකා දූත පිරිස සමඟ සිදු කරන ලදී. පසුව ශ‍්‍රී ලංකාව සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කණ්ඩායමේ නායක මසාහිරෝ නොසාකි පහත සඳහන් ප‍්‍රකාශය අද දින නිකුත් කරන ලදී.

බලධාරීන්ගේ ඉල්ලීම පරිදි ශ‍්‍රී ලංකා දූත පිරිස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කණ්ඩායම එම අරමුදලේ උපකාරක වැඩසටහනක් යටතේ මූලික තාක්ෂණික සාකච්ඡා පලදායී ලෙස පවත්වන ලදී. ශ‍්‍රී ලංකාවේ මෑතක ඇතිවූ ආර්ථික හා මූල්‍ය ප‍්‍රවණතා, සර්ව ආර්ථික ස්ථාවර භාවය යළි ඇති කිරීම සඳහා විශ්වසනීය හා පැහැදිලි උපායමාර්ග ක‍්‍රියාත්මක කිරීමට ඇති අවශ්‍යතාව සහ දිළිඳු හා දිළිඳු බවින් අගතියට පත්විය හැකි ජන කොටස් වලට පවතින ආර්ථික අර්බුද හේතුකොටගෙන සිදුවිය හැකි අහිතකර බලපෑම් අවම කිරීම පිණිස ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක ඇති වැදගත්කම මෙම සාකච්ඡාවලට ඇතුලත් විය. ණය හිමියන් සමඟ සහයෝගීතාවයෙන් යුතුව සංවාදයක නියැලීමට බලධාරීන් ගේ ඇති සැලසුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කණ්ඩායම පිළිගන්නා ලදී.

තවද බළධාරීන් සමඟ සහ ඔවුන්ගේ ආර්ථික වැඩසටහන් සමඟ සමීපව කටයුතු කරමින් අර්බුද වලට කාලීන විසඳුම් සෙවීමට උත්සාහ දරන සියලූ කොටස්කරුවන් සමඟ ද එක්වී දැනට පවතින ආර්ථික අර්බුද ජය ගැනිමට ශ‍්‍රී ලංකාව දරන ප‍්‍රයත්නයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කණ්ඩායම උපකාර කිරීමට බලාපොරොත්තු වේ.

ටිං යෑං,
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සම්බන්ධතා හා ප‍්‍රවෘත්ති නිලධාරී

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න