Language Switcher

V2025

රටපුරා ඇතිවූ කළහකාරී සිදුවීම් 857ක් සම්බන්ධයෙන් : 2725 ක් අත්අඩංගුවට !

ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීමෙන් පසුව රටපුරා ඇතිවුණු කළහාකාරී සිදුවීම් 857ක් සම්බන්ධයෙන් සැකපිට 2725 ක් අද වන විට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි .

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පවසන්නේ , එම සැකරුවන්ගෙන් 1083 දෙනෙක් මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් සෙසු සැකකරුවන් පොලිස් සහ අධිකරණ ඇප මත මුදාහැර ඇති බවයි .

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ පමණක් ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 21 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවද මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි .