Language Switcher

V2025

2019 - 2021 මෙරට ලබාගත් රාජ්‍ය ණය ගැන විශේෂ විගණනයක් !

මෙරට ලබාගෙන ඇති රාජ්‍ය ණය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්‍යාලය විශේෂ විගණනයක් සිදුකිරීමට නියමිත බව
විගණකාධිපති, චූලන්ත වික්‍රමරත්න සඳහන් කර ඇත .

ඔහු පවසන ආකාරයට , 2019 සහ 2021 අතර වසර තුනක කාල සීමාවේ ලබාගෙන ඇති රාජ්‍ය ණය පිළිබඳව මෙම විශේෂ විගණනයේදි අවධානය යොමු කෙරෙනු ඇත .

ලබන මාසය තුළ එම විශේෂ විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තුවන බවත් ඔහු පවසයි .

එසේම අදාල ණය ලබාගෙන ඇති ක්‍රමවේදය,මෙරට ආදායම් වියදම් තත්ත්වය ඇතුළු කරුණු කෙරෙහි මෙහිදි වැඩි අවධානයක් යොමු කරන බවත් විගණකාධිපති පවසා ඇත .