Language Switcher

V2025

අරගල බිමේ කපාගෙන : 04ක් රෝහලේ !

කොළඹ ගාලු මුවදොර අරගල භූමියේ රැදී සිටි වැල්ලමිපිටියේ සහ මෝදර පදිංචි තරුණ කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් කැපුම් තුවාල ලැබූ 04ක් කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර ඇති බව වාර්තා වෙයි .

ඔවුන් වයස අවුරුදු 20ත් 15ත් අතර පසුවන්නන් බව රෝහල් තොරතුරු අනාවරණය කරයි.

කෙසේ වුවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොලිසිය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නැති බවය.