උද්ඝෝෂණ, කලහාකාරී හැසිරීම් ඇතුළු සිද්ධීන්වලදී තුවාල ලබා නේවාසිකව ප්‍රතිකාර ලබන පොලිස් නිළධාරීන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පසුගියදා පොලිස් රෝහල වෙත ගොස්, ඇත.
මෙහිදී 2022.7.9 දින සහ ඉන් පසුව පැවති උද්ඝෝෂණ, කලහාකාරී හැසිරීම් ඇතුළු සිද්ධීන්වලදී තුවාල ලබා නේවාසිකව ප්‍රතිකාර ලබන පොලිස් නිළධාරීන්ගේ සුවදුක් විමසා බලන ලදි.
ඉන් අනතුරුව අමාත්‍යවරයා වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග පොලිස් රෝහලේ අඩුපාඩු සාකච්ඡා කෙරුණු අතර එහිදී ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශාමේන්ද්‍ර රණසිංහ සඳහන් කල සේවක පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවීමට කටයුතු කරන ලෙස විසින් පොලිස්පතිට නියෝග කර ඇති බවත් වාර්තා වෙයි .
මේ අවස්ථාව සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.තෙන්නකෝන් ඇතුළු පොලිස් නිළධාරීන්ද එක්වූ බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
