පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව වාර්තා වෙයි .
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කරන අතර අදාළ තීන්දුව ජනාධිපති විසින් පක්ෂ නායකයන්ට බව දැනුම් දුන් බව බවත් පවසයි .
ධම්මික එළියට !
මේ අතර බැසිල් රාජපක්ෂ ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත්වූ ධම්මික පෙරේරා මන්ත්‍රීධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ .
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත්වූ ධම්මික පෙරේරා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලෙස ප්‍රබල අමාත්‍ය ධූරයක පිහිටවූ අතර , පසුගියදා ඔහු එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැරූ මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව පවසමින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීය .
එහෙත් ජූලි 09 සිදුවූ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පලායාමෙන් පසුව එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
