නව කැබිනට් මණ්ඩලය අද (22) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දීමට නියමිත බව වාර්තා වෙයි .
ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග සදහන් කරන්නේ නව රජයේ මුදල් අමාත්‍ය ධූරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්ම දරනු ඇති බවය.
ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දිගින් දිගටම කටයුතු කිරීමට සිදුවීමත්, පවතින ආර්ථික අර්බූදයත් මත මෙසේ මුදල් අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා විසින්ම දරනු ඇති බව එම ආරංචි මාර්ග සදහන් කරයි.
එසේම විදේශ අමාත්‍ය ධූරයේ ද වෙනසක් සිදුවීමට නියමිත බවත් වාර්තා වෙයි .
ලැබෙන ආරංචි මාර්ග අනුව විදේශ අමාත්‍ය ධූරයෙන් ජී.එල්.පීරිස් ඉවත්කර ඒ වෙනුවට අලිසබ්‍රි පත්කිරීමට නියමිතය.
ඒ හැර පැවති අමාත්‍ය මණ්ඩලේ විශේෂ වෙනස්කමක් සිදුනොකෙරෙනු ඇති බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
