හිටපු අමාත්‍ය සාගල රත්නායක සහ හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ජනාධිපති උපදේශකයන් ලෙස පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව වාර්තා වෙයි .
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට හිටපු අමාත්‍ය සාගල රත්නායක මේ වන විටත් ජනාධිපති උපදේශක ලෙස නම් කර ඇත .
ඒ බව පසුගියදා ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයක සඳහන් වෙයි. ඒ "ජනාධිපති උපදේශක සාගල රත්නායක" ජනාධිපතිවරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාවක් සඳහා සහභාගි වූ බව සඳහන් කරමින්ය .
එසේම ඉදිරි දිනක ගාමිණී සෙනරත් ද ජනාධිපති උපදේශක ලෙස නිල වශයෙන් පත්කෙරෙනු ඇති බවත් වාර්තා වෙයි .
ගාමිණී සෙනරත් හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයකු සහ ජනාධිපති ලේකම්වරයකු ලෙස සේවය කර ඇති අතර වසර 35කට වැඩි කාලයක් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් හෙබවූ ප්‍රවීණ පරිපාලන නිලධරයෙකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
