මේ 'කතා කරන කඳුලු'

පසුගිය පාලන සමයේ දී තරුණයන් එකොළොස් දෙනෙකු පැහැර ගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන පසුව අතුරුදහන් කර වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදි මනෝජ් රත්නායක සිදු කරනු ලැබු 'Speaking Tears' කෙටි වාර්තාමය චිත්‍රපටය ඊයේ (30) ශ්‍රි ලංකා පුවත්පත් ආයතනයේදී ජන ගතවිය.

රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය, නීතීඥ සේනක පෙරේරා, විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන සහ අතුරු දහන් කරවීමට ලක්වූ රජීව් නාගනාදන්ගේ මව ද මෙහිදී අදහස් දක්වා සිටියේ ය.

 නාවික හමුදාවේ ඉහළ නිලයන් කිහිපයක් විසින් 2008 වසරේ මාර්තු මාසයේ සිට 2009 වසරේ මැයි මාසය දක්වා කාල පරාසය තුළ දී සුදු වෑන් මඟින් කොළඹ ප්‍රදේශයේ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාම ට අදාළ නඩුව කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ තවමත් විභාග වෙමින් පවතිනවා.

'Speaking Tears' වාර්තාමය චිත්‍රපටයට කේන්ද්‍රකරගත් පවුලේ තරුණයා පැහැරගැනීමෙන් අනතුරව නාවික හමුදාවට අයත් ස්ථානයක රදවා සිටින අතර නාවික හමුදාවේ අපරාධවලට විරුද්ධ සාමාජිකයන්ගේ උදව් ලබා ගනිමින් එම තරුණයා ගෙදරට කතා කිරීමට සමත් වනවා. එවකට ප්‍රභල ඇමැතිවරයකු ෆීලික්ස් පෙරේරා පවා ඊට සාක්කි දරනවා.

නාගනාදන්ගේ මව දෙවියන් යදිමින් සිය පුතු සොයා දෙන්නයි ඉල්ලා සිටිනවා. ඇය තවම විශ්වාස කරන්නේ සිය පුතු තවමත් ජීවතුන් අතර සිටින බවයි. මේ 'කතාකරන කඳුලු' අපට කියන්නේ යුක්ති ධර්මය අගයන සමාජයක් ලෙස මේ සඳහා යුක්තිය සාධරණත්වය ඉටු වීය යුතු බව නොවේද?.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න