හිටපු මැකෝ වරයෙක් බැසිල්ට දුන්න ඔප්ෂන් එක සාපයක් වෙලා !

හිටපු මැකෝ වරයෙක් බැසිල්ට දුන්න ඔප්ෂන් එක සාපයක් වෙලා !

බැසිල් හදපු පොහොට්ටු පක්ෂයේ චන්ද සලකුණ නෙලුම් මල.

නෙලුම් මල පුජනිය සංඛේතයක් නිසා, හිටපු මැතිවරණ කොමසරිස් කෙනෙක් , නෙළුම් මල බැසිල්ගේ පක්ෂයේ චන්ද සලකුණ විදියට දෙන්න බෑ කියල තිබුනා. ඒ මැතිවරණ පනතේ තීන්දුවකට අනුව..

බැසිල් සහ මේ මැකෝ කියන්නේ කාලාන්තරයක් තිස්සේ හොඳ යාලුවෝ.. ඒ නිසා බැසිල්ට මැතිවරණ පනතේ කනින් රිංගල යන්න එයා පොඩි ඔපිනියන් පාරක් දීලා..

නෙලුම් මල වෙනුවට පිපුනේ නැති නෙලුම් පොහොට්ටුවක් චන්ද සලකුණ විදියට එන්නේ, ඔය ඔපිනියන් එකෙන් කියලයි සමහරු කියන්නේ..

ඒ කතා මොනවා වුනත්, බැසිල්ගේ පොහොට්ටුව කියන්නේ, රාජපක්ෂවරුන්ගේ යලි දේශපාලන ආගමනයේ සංකේතය.

කොහොම වුනත් පොහොට්ටු ජයග්‍රහණ ඉස්සරහ ප්‍රසස්ති කියපු සමහර උදවිය, දැන් කියන්නේ පොහොට්ටු ලකුණ රටටම සාපයක් කියලා. ඒ කියන්නේ දැන් රටේ සාපයේ සංකේතය පොහොට්ටුව කියලා.

මේ ඊයේ පෙරේදා ඔය කතාව කිව්වේ ලේසිපාසු කෙනෙක් නෙමෙයි.. රාජපක්ෂවරුන්ට හොඳට කඩේ ගිය උන්වහන්සේ කෙනෙක්.. වෙනින් කවුරුවත් නෙමෙයි , මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හාමුදුරුවෝ..

''නෙළුම් මල කියන්නේ, බුදුරජාණන් වහන්සේ ඇතුළු ශාස්තෘවරුන්ට වඳින පුදන මලක් '' උන්වහන්සේ කියනවා.

''අද වෙනකොට ඒ නෙළුම් මලද දේශපාලන සලකුණට ඇඅගෙන..'' හිටිහැටියේ ඇහැරුනා වගේ උන්වහන්සේ කියනවා.

නෙළුම් මල සංකේතය වහාම ඉවත්කර ගන්න කියල සත්තමක් දාන උන්වහන්සේ , ''අද වන විට සාපයක් වී වස් වැදිලා '' කියලත් කියනවා.. උන්වහන්සේ එහෙම කිව්වේ හොර රහසේ නෙමෙයි ප්‍රසිද්ධ උත්සව සභාවක.

ආණ්ඩුව විවේචනය කිරීම හේතුවෙන් තමන් වහන්සේට මරණ තර්ජන එල්ල වෙලා කියලත්, මිහින්තලේ විහාරාධිපති හිමියන් කියනවා. උන්වහන්සේ කියන්නේ විවිධ මාර්ග ඔස්සේ තමන්ට ජීවිත තර්ජන එල්ල වෙලා කියලා.

එක හැලියේ කාපු අයගේ ගෝරි අදාළ නෑ . ඒත් ඉතිං තර්ජන තියෙනවා නම් පොලිසියේ පැමිණිල්ලක් දාලා ක්‍රියාමාර්ග ගන්න එකයි තියෙන්නේ . මොකද ඉතිං බලය නැති කාලේ කුඩු වෙන්න ගහන්න වගේම බලය ඇති කාලෙට තනතුරු තාන්නමාන්න එක්ක අනුශාසනා කරන්නත් තියෙනවනේ. ඔන්න ඔහොමයි ඒ ගැන ප්‍රධාන ධාරාවේ දේශපාලනය කරන උදවිය කියන්නේ .

- දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න