රටේ ඉන්ධන සැපයුම ගැන තෙල් සංස්ථාවෙන් සහතිකයක්

රටේ ඉන්ධන සැපයුම ගැන තෙල් සංස්ථාවෙන් සහතිකයක්

රට තුළ ඉන්ධන සැපයුම සම්පූර්ණයෙන් සහතික කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, දැවි තෙල් සැපයුමද ස්ථාවර කර ඇති බැවින් විදුලි කප්පාදුවක අවශ්‍යතාවක් නොමැති බවය.

ඉදිරි දිනවලදී තවත් ඉන්ධන නැව් රැසක් මෙරටට පැමිණීමට නියමිත බවත්, ඒ අනුව ඩීසල් සැපයුම ලබන මාසයේ මැද දක්වා ගැටලුවකින් තොරව පවත්වාගෙන යා හැකි බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණා මෙහිදී පැවසීය.

92 හා 95 පෙට්‍රල් සැපයුම ජුනි මස ආරම්භය දක්වා සුරක්ෂිත බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණා

"නැව් දෙකක් ගොඩ බානවා 27 වනදා නැවක් එනවා එකේ එනවා 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 30000ක්  95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5000ක් ඊට පස්සේ හෙට එනවා IOC නැවක් එකේ එනවා ඩීසල් මෙට්‍රික් ටොන් 18000ක්  92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18000යි. ඊට පස්සේ අපිට 28, 29 නැවක් එන්න නියමිතව තිබුණා ඒක කලින් ආවා දැන් ඒක ගොඩබාලා ඉවරයි.. එකේ ඩීසල් මෙට්‍රික් ටොන් 37000ක්. අපිට ගැටලුව වුණේ අර පිරිපහදුවට අවශ්‍ය තෙල් නැති වුණාම පිරිපහදුවෙන් තමයි අපිට වැඩිපුර ඩීසල් සහ දැවි තෙල් හදන්නේ.  එතකොට දැවිතෙල් නැති වුණොතින් අනිවාර්යෙන් අපිට විදුලි කප්පාදුවකට යන්න වෙනවා ඒ නිසා අපි දැවි තෙල්වලට ලංසු කැඳව්වා ඒකටත් අවිල්ලා තියෙනවා. එතකොට 2 වනදා සහ 4 වෙනදි අතර අපිට එනවා ඩීසල් මෙට්‍රික්ටොන් 32000ක්, ගුවන් යාන ඉන්ධන මෙට්‍රික්ටොන් 8000ක් ඊට පස්සේ ආපහු 6 සහ 7 එන්න නියමිතයි ඩීසල් මෙට්‍රික් ටොන් 37500ක් 7 සහ 8 එනවා ඩීසල් මෙට්‍රික් ටොන්  32000කුත් සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 5000කුත්  ඊට පස්සේ 10, 11 එනවා ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 30000ක්, ඊට පස්සේ සිනොපෙක් එකේ නැවක් එනවා 18, 19 එකේ එනවා ඩීසල් මෙට්‍රික්ටොන් 20000ක්  92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 20000කුත් ඊට පස්සේ 12, 13  මම කිව්වේ විදුලි උත්පාදනය සඳහා  එන නැව එනවා දැවිතෙල් මෙට්‍රික් ටොන් 30000ක නැවක් ඊට පස්සේ 92 පෙට්‍රල් එනවා 16, 17 දිනවල මෙට්‍රික්ටොන් 35000ක නැවක් අපහු අර් එම් පාර්ක් නැවක් එනවා  21, 22ක එකේ එනවා ඩීසල් මෙට්‍රික් ටොන්  20000ක්  92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 17000ක්  95 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 3000ක් ආපහු 24 සහ 25 දින වල නැවක් එනවා ඩීසල් මෙට්‍රික්ටොන් 37000ක්  ආපහු 29 සහ 30 දිනවල නැවක් එනවා 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 30000කුත් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5000කුත් අප්‍රේල් මාසයේ මේ නැවු සම්පූර්ණයෙන්ම අපිට ලැබෙනව එකේ ගැටලුවක් නෑ. ඒ එකකවත් යුද්ධය තියෙන කලාපයෙන් නෙමයි නැව්ගත කරන්නේ."

adaderana.lk 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න