ඉරානයට පහර දීම සඳහා අමෙරිකාව සතුව තවත් ඉලක්ක “3,554ක්” ඉතිරිව ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
“එය ඉතා ඉක්මනින් අවසන් කරනු ඇත,” යනුවෙනුයි ඔහු පවසා ඇත්තේ.
ඉරානය කලෙක බලවත් රටක්ව තිබූ නමුත්, “දැන් එය තවදුරටත් බලවත් නොවන” බවට ඔහු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
“ඔවුන් මීට පෙර කිසිදා මෙවැනි දෙයක් දැක නැත,” යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

