එක්ව නැගිටීමට ගිය මහින්ද ඇදගෙන නාගෙන !

එක්ව නැගිටීමට ගිය මහින්ද ඇදගෙන නාගෙන !

"ගෝඨාභය ගෙනියන වැඩපිළිවෙළට අපි සහයෝගය දෙන්න. ඉස්සර නම් අපි රනිල්ට බැන්නා. දැන් රනිල් යහමගට ඇවිත්. දැන් ඉන්නෙ එයා අපිත් එක්ක.’ යනුවෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සිදුකළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ හාස්‍යට ලක්වෙමින් තිබේ .

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මේ බව සදහන් කළේ "එක්ව නැගිටිමු කළුතරින් පටන්ගමු " යනුවෙන් අද (08) පැවති පොදුජන පෙරමුණේ රැස්වීමක අදහස් දක්වමින් ය.

අගමැති ධූරයෙන් ඉවත් වීමෙන් පසු හිටපු අගමැතිවරයා කළ පළමු දේශපාලන කතාව මෙය වෙයි.

රටේ වෙනදේ මහින්ද දන්නේ නෑ !

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවතින දේශපාලන සන්දර්භය පිළිබඳව නිවැරදි තක්සේරුවක් නොමැතිව මේ ප්‍රකාශය සිදුකර ඇති බවය.

එසේම newstube.lk ඇමතූ දේශපාලන විචාරකයකු සඳහන් කර සිටියේ දිනකට පැය 12ක විදුලි කප්පාදුව සහ කාබනික වගාව මත පැමිණීමට තිබූ සාගතය මෙන්ම පෝලිම් යුගය අවසන් කර , රට සාමාන්‍ය තත්ත්වයට පත්වූයේ ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වීමෙන් පසුව බවයි.

ඒ කටයුතු සාර්ථක නොවන්න මෙවැනි ජන හමුවක් සම්බන්ධයෙන් පූර්ව දැනුම්දිමක් කිරීමට හෝ අවස්ථාව අහිමිව යාමට තිබූ බවත්, නැත්නම් අදත් කළුතර "ගෝ මයිනා ගෝ හෝම් " ගමක් බිහිවෙන්න තිබූ බවත් ඔහු පැවසීය .

ඒ බව නිවැරදි පුරෝකථනයක් නොමැතිව මේ අදහස් දක්වා ඇති බවත් , එපමණක් නොව තවමත් ලංකාව ඉතිහාසයේ මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදය වෙතින් නිදහස් වීමේ ආරම්භක අවධියේ සිටින බවට මහින්ද රාජපක්ෂ නොදැනුම මේ හරහා ඔප්පු කර ඇති බවත් ඔහු පැවසීය .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයා පවසා සිටියේ , ඉතා දුෂ්කර කොන්දේසි යටතේ අර්බුදය සමනය කරගන්න කටයුතු කරමින් ඇති මෙවැනි පසුබිමකදී මීට වඩා පරිණත භාවයක් පෙන්නුම් කළ යුතුව ඇති බවයි.

නැත්නම් පවතින දේශපාලන සන්දර්භය මුළුමනින්ම ආර්ථික අර්බුදය පාලනය කරගත නොහැකි තත්ත්වයට පත්ව ගණනය කළ නොහැකි ඛේදවාචකයක් රටේ මතුවිය හැකි බවත් ඔහු පැවසීය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න