ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක හිටපු පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් සහ තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් විශේෂ හමුවක් ඊයේ (15) සිදුව තිබේ.
මෙහිදී කම්කරු කොන්ග්‍රස් නායකයා , තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයාට දන්වා ඇත්තේ පසුගිය සමයේ ලංකාව මුහුණදුන් දුෂ්කරම මොහොතේ තමිල්නාඩු ප්‍රාන්ත රජය මානුෂීය ආධාර ලබාදෙමින් දැක්වූ සහයට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය හදපිරි ස්තූතිය පිරිනැමූ බවය.
එසේම සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම සමයේ මෙරටින් ඉන්දියාවට ගිය දමිළ ජනතාව මුහුණදී ඇති බරපතළ ප්‍රශ්නයක් වූ එම ජනතාවගේ නිවාස ප්‍රශ්නය පිළිබඳවද මැදිහත්වීමක් සිදුකිරීමට ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක හිටපු පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් කටයුතු කර ඇති අතර ඒ අනුව ප්‍රාන්ත රජයේ සහයෙන් එම ජනතාවට නිවාස 650ක් ලබාදීමට කටයුතු යෙදී තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
