ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද විශේෂ බෑගයක් අද ( 2) ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ.
ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු මෙම බෑගයක් (Attaché Case) ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යාම සඳහා නිර්මාණය කර ඇත.
යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වනු ලැබ තිබේ.
ලෝක නායකයන් සංචාරයන්හි නිරත වන විට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යාමට සුවිශේෂ බෑගයක් භාවිත කිරීම සම්ප්‍රදායකි.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව බෑගයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට පවරනු ලැබුවේ මෙම ලෝක සම්ප්‍රදාය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
