මැන්ඩවුස් බලපෑමෙන් නිවාස 1302 කට හානි !

මැන්ඩවුස් බලපෑමෙන් නිවාස 1302 කට හානි !

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වූ ‘මැන්ඩවුස්’ සුළි කුණාටුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8කට බලපෑම් එල්ල වූ අතර ඇති වූ තද සුළං සහ ගස් කඩා වැටීම් ආදිය හේතුවෙන් නිවාස 1,302කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

බදුල්ල, මොනරාගල, නුවරඑළිය, අම්පාර, මඩකලපුව, රත්නපුර, කෑගල්ල සහ යාපනය යන දිස්ත්‍රික්කයන්ට මෙම බලපෑම එල්ල වූ අතර, ඉන් පවුල් 1,302කට අයත් 4,335 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ සඳහන්කරයි.

මෙම සුළිකුණාටුවේ බලපෑමෙන් ඊයේ (8) සහ අද (9) දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වූ අතර, තද සුළං, වැසි හා රාත්‍රියේ අධික ශීතලක් ද පැවතිණි.

මින් වැඩිම බලපෑමක් එල්ලවූයේ ඌව පළාතට වන අතර, එම පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 723කට අයත්, 2,093 දෙනකු සහ මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 193කට අයත් 711 දෙනෙක් වශයෙන් එම පළාත තුළ පවුල් 916කට අයත් පුද්ගලයන් 2,093 දෙනකු පීඩාවට පත්ව සිටිති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න