මැතිවරණයට ප්‍රතිපාදන ඉල්ලා : මැකෝ මහ බැංකු අධිපතිට ලියලා !

මැතිවරණයට ප්‍රතිපාදන ඉල්ලා : මැකෝ මහ බැංකු අධිපතිට ලියලා !

මැතිවරණ කටයුතු සඳහා ඉන්ධන සහ විදුලිය අඛණ්ඩව සැපයීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ප්‍රමාණවත් ප්‍රතිපාදන සපයා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට පසුගිය 23 වනදා මේ ලිපිය යොමුකර ඇත .

 ප්‍රමාණවත් ප්‍රතිපාදන ලබා නොදුනහොත් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙන බවද  මැතිවරණ කොමිසමේ සභාපති පවසයි .

ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව යන ආයතනවල ප්‍රධානීන් සමග මැතිවරණ කොමිෂන් සභාව පැවැත්වූ සාකච්ඡාවේදී පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ විදුලිය ලබාදීම සඳහා ප්‍රතිපාදන නොමැති බව ප්‍රකාශ කළ හෙයින් එම ආයතන වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මෙම ඉල්ලීම කළ බවද ඔහු පවසයි .

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය බලාගෙන සිටින බවද මැතිවරණ කොමිසමේ සභාපති  නීතිඥ නිමල් පුංචිහේවා  වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න