දුරකථන පාටියේ දකුණ පැත්තේ ඉතා බුද්ධිමත් කඩිසර හාදයෙක්ගේ දුරකථන සංවාද වගයක් ප්‍රචාරය වුණානේ. මේක අහම්බයක් වගේ දැක්කට වැඩේ ටිකක් සීරියස් කියලයි පක්ෂයේ ඇතුළේ අය කතා වෙන්නේ.
ඒකට හේතුව තමයි, මේ දුරකථන සංවාදයේ ඉන්න ගෑනු පාර්ශ්වය අලිපාටියේ මහැදුරුතුමාට විරුද්ධව කතාකරන කාන්තාව නිසාත්, ඒ කාන්තාව ගෙනාවේ කොළඹ හිරු මෙන් ඉන්න කෙනා නිසාත්ලු. ඇත්තටම ගොඩක් අය කියන්නේ මේක හිරු වගේ ඉන්න කෙනාගේ වැඩක් කියලා.
වැඩේ ලීක් කළේ එයා කියලා කියන්නේ නිකන් නෙමේලු. හේතුව එයා ඔය දකුණු පළාතෙ අර කඩිසර හාදයගේ පැත්තෙන් ඡන්දය ඉල්ලන්න යන නිසා කියලයි ආරංචිය.
කොළඹ දාලා එයා යන්නේ එයාගේ මුදුන් මුල් එහේ තියෙන නිසාලු. කොහොම වුණත් එයා යන්න කලින් හැමදාම ඡන්දය දිනුව කඩිසර හාදයා අනාථ කරන්න හිතාගෙන එයා අර කාන්තා පරාණයේ ෆෝන් එකේ තිබ්බ හඬපට ලීක් කළා කියලයි ඇතුළේ කතාව.
ඇත්ත නැත්ත කොහොම වුණත් මේ හඬපට එළියට ගියේ මෙයාගෙන් කියලා සමහරු කියනවලු. තවත් අය දන්නවා නොදන්නවා වගේ ඉන්නවලු.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
