සබරගමුව විශ්වවිද්‍යාලයේ පළමු වසර හැර, සෙසු සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ. රත්නායක නිවේදනය කළේ, අද (16)පස්වරු 4.00ට පෙර සියලු සිසුන් නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බවයි.
ඒ අනුව අද පස්වරු 4.00න් පසුව සිසුන්ට විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටීම තහනම් වන බව ද, උපකුලපතිවරයා නිවේදනය කළේ ය.
මෙලෙස විශ්වවිද්‍යාලය වැසීමට හේතුව වී ඇත්තේ ජේෂ්ඨ සිසුන් පිරිසක් විසින් පළමු වසර සිසුන්ට කළ පහරදීමක් නිසා බව උපකුලපතිවරයා වැඩිදුරටත් පවසා සිටී.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
