පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවලදී සිදුකිරීමට නියමිතව තිබූ තැපැල් ඡන්දය සලකුණු කිරීම කල්දැමීමට තීරණය කළ බව මැතිවරණ කොමිසම පවසයි.
ඡන්දය සලකුණු කිරීම සඳහා ඡන්ද පත්‍රිකා ලබා දීමට එකඟව තිබූ පරිදි රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනවලදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා නොදීම හේතුකොට ගෙන මෙම තීරණය ගෙන ඇත.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම මේ බව දැනුම්දී ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
