Language Switcher

V2025

මත්තල විදෙස් ආයෝජකයකුට !

පාඩු මට්ටමේ පවත්වාගෙන යන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළද විදේශ ආයෝජකයකුට ලබාදීම සඳහා අභිලාෂ කැඳවීමට කටයුතු කරගෙන යන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි .

එම ගුවන්තොටුපොළේ පරිපාලන කටයුතු ආයෝජකයකුට බාර දෙන ආකාරය ගැන සාකච්ඡා කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ රජය සමයේදී 2009 වර්ෂයේදී ඉදිකිරිම ඇරඹුණු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කරනු ලැබූවේ 2013 වර්ෂයේදීය.