සියලු දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

සියලු දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

සියලු දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.

ඒ , අද (14) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක වැඩවර්ජනයක නිරත වීමට ලොකෝමොටිව් දුම්රිය ඉංජිනේරු සංගමය තීරණය කර ඇති පසුබිමකදියි.

හෙට සේවයට වාර්තා නොකරන සේවකයින්ගෙන් නිදහසට කරුණු විමසා වාර්තාවක් ලබා දෙන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්. ඒ. ඩී.එස්. ගුණසිංහ මහතා දුම්රිය ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

මේ අතර දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 27 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න