Language Switcher

V2025

මැතිවරණයක් ගැන මහින්දගෙන් ඉඟියක් !

මෙම වසරේ දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

පොහොට්ටුවෙන් වෙන්වී සිටින පිරිස් ද නිසි වෙලාවේ දී නැවතත් එක් වනු ඇති බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ අදහස් දැක්වීය.