Language Switcher

V2025

පාඨලීගෙන් නව පක්ෂයක්

රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීම සඳහා එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළඹෙන මැයි මාසයේ තෙවන සතියේ එළිදක්වන බව 43 වැනි සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඊයේ(01) පැවසීය .

බදුල්ල වැලිගම හෝටලයේදි පැවැති 43 වැනි සේනාංකයේ වැඩ මුළුවකින් පසුව මාධ්‍යවේදීන් අමතා ඔහු නව පක්ෂය පිළිබදව අනාවරණය කළේය .

බකොලොත් භාවයෙන් රටමුදාගැනීමට කුසලතාව මත පදනම් වූ දේශපාලනයක් අවශ්‍ය වි ඇති බවත් පවුල් උරුමයෙන් රට පාලනය කරන දේශපාලනයට තිති තැබැයි යුතු බවත් එහිදි ඔහු පැවසීය .