ප්‍රතිත්‍රස්ත පනත ළඟදීම පාර්ලිමේන්තුවට !

ප්‍රතිත්‍රස්ත පනත ළඟදීම පාර්ලිමේන්තුවට !

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැලැක්වීම සඳහා විධිවිධාන ඇතුළත්,  නව ප්‍රතිත්‍රස්ත පනත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ,බන්ධනාගාර

කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු  එහි ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වගන්ති  ඇත්නම් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට සති දෙකක  කාලයක් දීමට ආණ්ඩුව කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

 පනත ගෙන එන්නේ රටේ ආරක්ෂාව සඳහා බවත්   අමෙරිකාවේ බ්‍රිතාන්‍යයේ හා ඉන්දියාවේද මෙවැනි පනත් පවතින බවත් සඳහන් කරන අමාත්‍යවරයා ත්‍රස්තවාදයට කවුරුත් විරුද්ධ නම් මේ පනතට විරෝධය පළ  කිරීමට කිසිදු හේතුවක් නැතැයි ද ප්‍රකාශ කර සිටියි.

කෙසේ වුවත්  යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම හෙවත් අයි.සී.ජේ ආයතනයද රජයෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම පනත් කෙටුම්පතේ ධනාත්මක කරුණුවලට වඩා ගැටලුකාරී කරුණු වැඩි බව එම ආයතනයේ අදහස වී තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න