අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,005.00 කින් පහළ දැමෙන
බව ලිට්‍රෝ සමාගම පවසයි.
අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කර සිටියේ රුපියල් 4,743.00 ක් ව පැවති ක්‍රිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,738ක් වන බවය.
එසේම කිලෝගෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 402.00 කින් පහත දමා තිබේ.
ඒ අනුව 1,904ක් ව පැවති එම ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1,502.00 කි.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 183.00 කින් පහත දැමෙන අතර රුපියල් 883.00 ක්ව පැවති එහි නව මිල රුපියල් 700.00 ක් වේ.
ලෝක වෙළෙඳපොළේ පවතින මිල උච්චාවචනයන්ට අනුව මෙම මිල අඩුකිරීම සිදුකළ බවද ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් වැඩිදුරටත් සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
