ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් නම් කර ඇති අතර එහි සභාපති වශයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සනත් ජයන්ත එදිරිවීර පත් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත මෙම පත්වීම් සිදුකර ඇත.
ජනාධිපතිවරයා විසින් පත්කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් වන්නේ එම්. සිත්ති මරීනා මොහොමඩ්, නරසිංහ හේරත් මුදියන්සේලාගේ චිත්‍රානන්ද, මහාචාර්ය නාගනාතන් සෙල්වක්කුමාරන්, මාණික්ක බඩතුරුගේ රෝහණ පුෂ්පකුමාර, ආචාර්ය අංගම්පොඩි දමිතා නන්දනී ද සොයිසා, රංජිනී නඩරාජපිල්ලෙයි සහ පල්ලේගම චන්ද්‍රරත්න පල්ලේගම යන අයය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
