ජනාධිපති රනිල් වික්‍රමසිංහ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගි වීම සඳහා එංගලන්තය බලා අද (මැයි 4) දිවයිනෙන් පිටව ගොස් තිබේ.
ඒ අනුව ඔහු අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් එංගලන්තය බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ ය.
ජනාධිපතිවරයා සමග තවත් 8 දෙනෙකු ඒ සඳහා එක්ව ඇත.
ඔවුහු අද අලුයම 3.15ට එමිරේට්ස් ගුවන් සේවයේ EK-649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගියහ.
අනතුරුව එම පිරිස ඩුබායි සිට වෙනත් ගුවන් යානයකින් එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
